පියා ඝාතකයාට සමාව දෙයි



 

සෞදි පියකු තම පුතා ඝාතනය කළ පුද්ගලයාට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.

ගෝත්‍ර දෙකක් අතර දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් නිමා කරමින් සෞදි පියෙකු තම එකම පුතාගේ ඝාතකයාට සමාව ලබාදීමට කටයුතු කර තිබේ.

පියා ඝාතකයාගේ පවුලේ අයගෙන් කිසිවක් ඉල්ලා නොසිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

අසීර් ආණ්ඩුකාර, තුර්කි බින් තලාල් කුමරුගේ ඉල්ලීම පරිදි තරුණයාගේ ඝාතකයාට සමාව දීමට පවුලේ අය තීරණය කළේ ය.

තුර්කි කුමරු, සමාව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වූ අතර පවුලේ අයගේ කාරුණික ක්‍රියාව අගය කළ අතර ඔවුන් සෞදි අරාබියටම ආඩම්බරයක් ලබා දුන් බව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online රියාද් නුවර)

RECOMMEND POSTS