පිටසක්වළ ජීවීන් බොරුවක් නොවෙයි



පිටසක්වළින් පැමිණෙන පිටසක්වළයන් සැබෑවක් බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඒ ගැන දන්නා බවත්, ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සියේ හිටපු ආරක්ෂක ප්‍රධානී හයිම් එෂාද් කියයි.

එෂාද් මෙසේ කියා සිටියේ ඊශ්‍රායලය ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පිටසක්වළයන් සම්බන්ධ රහස ඇමෙරිකාව ඇමෙරිකන් රජය ලෝකයෙන් වසං කරන්නේ, එම සත්‍ය අනාවරණය වුවහොත් මනුෂ්‍ය වර්ගයා කලබලවේවි යන සිතුවිල්ලෙන් යැයි ද 87 හැවිරිදි එෂාද් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, ඔහුට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් ආදී ජනාධිපතිවරුන් ද පිටසක්වළ ජීවීන් සම්බන්ධ රහස් දන්නා බව ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සියේ හිටපු ආරක්ෂක ප්‍රධානිය වැඩි දුරටත් පවසා ඇත.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS