පාපන්දු ලෝක කුසලානය අද ඇරැඹේ



පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද (20) කටාර් රාජ්‍යයේදී ආරම්භ වෙයි. කටාරයේ පමණක් නොව, මැදපෙරදිග රටක පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

අද (20) පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක කටාර් රාජ්‍යය සහ එක්වදෝරය අතරේය.

මෙම 2022 පාපන්දු ලෝක කුසලානය කටාර් හි පැවැත්වීම ආන්දෝලයට තුඩු දී ඇත. ඒ, කටාර් රජය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි යුරෝපා රටවලින් දිගින් දිගටම චෝදනා එල්ල වීම නිසාය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී පාපන්දු ක්‍රීඩාංගන අසල බියර් අලෙවිය තහනම් කළේය. මෙය පාපන්දු ලෝලීන්ගේ මවිතයට පවා හේතුවක් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS