ප්‍රථම විනිසුරුවරිය තරඟ බිමට



සෞදි අරාබියේ ප්‍රථම ජාත්‍යන්තර කාන්තා විනිසුරුවරියව ගල්ෆ් කුසලාන පාපන්දු තරඟාවලියට නම් කර ඇති බව වාර්තා වේ.

අනූද් අල්-අස්මාරි, ජාත්‍යන්තර පාපන්දු සංගමයේ (FIFA) ජාත්‍යන්තර ලාංඡනය ලබාගත් පළමු සෞදි කාන්තා විනිසුරුවරිය බවට පත් විය.

සෞදි ඉතිහාසයේ ජාත්‍යන්තර ලාංඡනය ලැබූ පළමු සෞදි කාන්තා විනිසුරුවරිය වීම ගැන තමා සතුටු වන බව අල්-අස්මාරි ප්‍රකාශ කළා ය.

සෞදි කාන්තා පාපන්දු කණ්ඩායම නිල වශයෙන්  2019 වර්ෂයේදී පිහිටුවීමට සෞදි පාපන්දු සම්මේලනය කටයුතු කර ඇත.
මෙම සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩිකයින් සංඛ්‍යාව 450ක් වන අතර, සුදුසුකම් ලත් විනිසුරුවරුන් 49ක් සහ පුහුණුකරුවන් 900 කට වඩා අයත් වේ.

ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරනු ලබන 2026 ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරඟාවලිය දෙසැම්බර් මාසයේ දි සෞදි අරාබියේදි පැවැත් වීම සඳහා සිය ලංසුව සෞදි අරාබිය මේ වනවිට ඉදිරිපත් කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(GDN Online - රියාද් නුවර)


RECOMMEND POSTS