පළමු මාත්‍රා මිලියන 1.6 ලැබෙයි



එක්සත් ජනපදයෙන් තෑග්ගක් ලෙස ඊජිප්තුවට ෆයිසර් එන්නත් මිලියන 1.6ක් ලැබී ඇති බව වාර්තා වේ.

කෝවැක්ස් වැඩසටහන යටතේ මාත්‍රා මිලියන 5 ක ප්‍රමාණයක් ඊජිප්තුවට ලැබීමට නියමිත බවත්, එහි පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා මිලියන 1.6 ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජර්මනිය ඊජිප්තුවට කොවිඩි-19 එන්නත් මාත්‍රා මිලියන 2.3 ක් ලබා දුන් බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS