පලස්තීන සිරකරුවෝ උමඟක් හාරලා පැනලා



උතුරුදිග ඊශ්‍රායලයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් පලස්තීන සිරකරුවන් 6 දෙනකු පලා ගොස් ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

මෙම සිරකරුවන් 6 දෙනා පලා ගොස් ඇත්තේ බන්ධනාගාරයේ සිට බන්ධනාගාරයේ තාප්පය මඟ හැර පිටතට යන ආකාරයට උමඟක් කැණීමෙන් යැයි ද පැවැසෙයි.

සිරකරුවන් පලා ගොස් ඇත්තේ 'ගිල්බෝවා' බන්ධනාගාරයෙන් යැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

මෙම බන්ධනාගාරය ඊශ්‍රායල බන්ධනාගාර අතුරින් වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස ද සැලකෙයි. මෙම බන්ධනාගාරයෙන් සිරකරුවන් පලා යෑමක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

පලා ගිය සිරකරුවන් 6 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ට ඊශ්‍රායල පොලිසියේත් හමුදාවේත් සහාය හිමි වී ඇති බවත්, නිල සුනඛයන් ද මෙහෙයුම් සඳහා යොදාගෙන ඇති බවත් පැවැසෙයි.

පලා ගිය සිරකරුවන් සොයා මේ වනවිට බටහිර ඉවුරේ පලස්තීන ප්‍රදේශ දැඩි ලෙස සෝදිසි කරන බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS