නෙදන්යාහුට ජෝ බයිඩන්ගෙන් සුබ පැතුම්



මහ මැතිවරණය ජය ගනිමින්, යළි බලයට පත් වුණු බෙන්ජමින් නෙදන්යාහුට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. ඒ, දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

නෙදන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ පසුගිය සතියේ පැවැති මහ මැතිවරණයෙන් බහුතරය ද සහිතව ජයග්‍රහණය කළේය. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව ශක්තිමත් රජයක් පිහිටුවා යළි අගමැති ධුරයට පත් වීමට නෙදන්යාහුට හැකියාව ලැබේ.
ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ තැනැත්තා ලෙස සැලකෙන්නේ නෙදන්යාහුය.

නෙදන්යාහු සහ ඇමෙරිකාව අතර සමීප සබඳතා පවතී. එම සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට පවසා ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS