නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තියයි



යේමනයේ අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීමේ අරමුණින් නිවාස ව්‍යාපෘතියකට කුවේටය මුල්ගල තබා ඇ.ති බව වාර්තා වේ.

යේමනයේ මාරිබ් පළාතේ යුද්ධයෙන් අවතැන් වූ පවුල්වලට ආධාර කිරීම සඳහා කුවේටයනිවාස 60කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතියට මූල්‍ය ආධාර ලබාදෙයි.

මාරිබ් පලාත් නියෝජ්‍ය ආණ්ඩුකාර, මොහොමඩ් අල්-මාවාදි නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබූ අතර,කුවේටට් රජය දක්වන උදව් උපකාර සම්බන්ධයෙන් කෘතඥතාව පළ කළ බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS