නිදහස ලබා ආපසු එති



සෞදි හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි යේමනයේ හවුති කැරැලිකරුවන්ට නිදහස ලැබුණි.

නිදහස ලැබීමෙන් පසු එම කැරැලිකරුවන් විශේෂ ගුවන් යානයකින් යළි යේමනයට පැමිණි බව අල් ජසීරා වාර්තා කරයි.

මේ අතර, යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පසුවන සෞදි සිරකරුවන්ට ද නිදහස ලබා දීමට සියලු කටයුතු සූදානම් බව පැවැසෙයි.

යේමන යුද්ධය ආරම්භ වූයේ සෞදියේ සහාය ලැබූ යේමන රජය, ඉරානයේ සහාය ලැබූ හවුතිවරුන් විසින් පෙරළා දමනු ලැබීමත් සමඟය.

මේ වනවිට යේමන යුද්ධය ආරම්භ වී අට වසරක් ගත වී ඇත.

අද වනවිට සෞදිය සහ ඉරානය අතරේ යහපත් සබ‍ඳතා වර්ධනය වී ඇත. එය යේමන යුද්ධය අවසන් කිරීමට ද හේතුවක් වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS