න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක කර ගන්නවා



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් උනන්දුවන බවත්, සාකච්ඡා සාර්ථක කර ගැනීමට වෙහෙසෙන බවත් ඉරානය පවසයි.

න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, සාකච්ඡා පැවැත්වීමට ඉරානයේ ඇති දැඩි කැමැත්ත බටහිර රටවල් අවබෝධකරගෙන සිටින බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් සහ ඉරානය අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ 2015 දීය.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, එම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමත් සමඟ ගිවිසුම අඩාල විය. ඉරානය යළි ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ශක්තිමත් කර ගත් බවට චෝදනා එල්ල විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS