නගරයේ කොටසක් අගුලු දමයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොටසකට අගුලු දැමීමට කටයුතු කරන බව අබුඩාබි හදිසි ආපදා කමිටුව නිවේදනය කරයි.

2020 ජුලි 19 දින සිට අර්ධ වශයෙන් අගුලු දැමීම සිදුකරන බව නිවේදනයේ සඳහන් කර ඇත.  

Covid-19 නව ප්‍රභේද පැතිරීම වැළැක්වීමේ උත්සාහයේ කොටසක් ලෙස අදාල තීරණය ගෙන ඇති බව ට්විටර්පණිවුඩයක් නිකුත් කරමින් අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කර තිබේ.

ගමනාගමන කටයුතු සීමා කරන බවත්, හදිසි අවශ්‍යතාවයකට පමණක් නිවසෙන් බැහැරව යන ලෙස අබුඩාබි හදිසි ආපදා කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS