ධාවන පථය දින 45කට වසා දමයි



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලේ උතුරු ගුවන් ධාවන පථයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ධාවන පථය වසා දමන බව වාර්තා වේ.

2022 මැයි 09 දින සිට දවස් හතළස් පහක (45) කාලයක් වසා දැමීමට කටයුතු කරන බව ඩුබායි ගුවන්තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු ධාවන පථය අවසන් වරට 2014 දී පුළුල් නඩත්තු කටයුතු සිදු කර ඇති අතර, දකුණු ධාවන පථය 2019 දී ප්‍රතිසංස්කරණය කර ඇත.

උතුරු ගුවන් ධාවන පථයේ වැඩ කටයුතු 2022 ජුනි 22 වන විට අවසන් කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS