දේශසීමා හරහා යන්න පුළුවන්



ඕමාන් සහ ගල්ෆ් ජාතිකයන්ට දේශසීමා හරහා ගමන් කිරීමට ඕමානය අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

පනවා ඇති කොවිඩි-19 ආරක්ෂිත මාර්ගෝපදේශයන් ලිහිල් කරමින් දිනපතා රාජකාරි කටයුතු සඳහා ගමන් කිරීමට ඕමාන් රජය අවසර ලබාදී ඇත.

සුඩානය, බ්‍රසීලය, නයිජීරියාව, ටැන්සානියාව, සියරා ලියොන්, ඉතියෝපියාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඊජිප්තුව, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල පුරවැසියන්ට දේශසීමා හරහා ගමන් කිරීම තහනම් කර ඇත.

බැතිමතුන් 100කට අඩුවෙන් මුස්ලිම් පල්ලි නැවත විවෘත කිරීමට, මුස්ලිම්වරුන්ට දිනපතා යාච්ඥා කිරීමට, වාණිජ කටයුතු 50% ක ධාරිතාවයකින් නැවත ආරම්භ කිරීමට සහ මංගල උත්සව වැනි සමාජ කටයුතු සඳහා 30% ක ධාරිතාවයකින් පැවැත්වීමට ඉඩ ලබාදී ඇත.

COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා හඳුන්වා දුන් රාත්‍රී ඇඳිරි නීතිය පසුගිය මාසයේ ඉවත් කිරීමට ඕමානය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS