දුර්ලභ ලේ වර්ගයක් සොයා ගනියි



කුවේටය දුර්ලභ ලේ වර්ගයක් සොයා ගෙන ඇති බව තුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

අලුත උපන් බිළිඳුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා භාවිතා කරන Er කාණ්ඩයේ දුර්ලභ රුධිර වර්ගයක් සොයා ගත් බව නව සොයා ගැනීමට දායක වූ රුධිර පාරවිලයනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය රීම් අල්-රද්වාන් ප්‍රකාශ කළා ය.

මෙම ලේ වර්ගය සොයාගැනීම සඳහා ගර්භනී කාන්තාවකගෙන් ලබාගත් රුධිරය සාම්පල 2018 වර්ෂයේ සිට පරීක්ෂා කළ බව වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.  

රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාතික ලේඛනාගාරය සතුව දුර්ලභ රුධිර වර්ග ඇති පරිත්‍යාගශීලීන් 370ක් ඇතුළුව 500,000කට අධික පරිත්‍යාගශීලීන්ගේ නම් ලැයිස්තුගත කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS