දුරකථන භාවිතය තහනම් කරයි



සෞදි අරාබියේ පාසල් තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

මිලියන හයකට වැඩි පාසල් දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම්  කිරීමට පියවර ගෙන ඇත.

අදාල තීරණය අනුව, සෞදි රියාල් 500,000ක දඩයක් හෝ වසරක සිරදඩුවමක් ලබා දිය හැක.

විශ්වවිද්‍යාල තුළ ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර ලබාදීමෙන් දින කීපයකට පසු අදාල තීරණය නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක    
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS