දින 141 ක් උපවාස කළ පලස්තීනුවා නිදහස්



ඊශ්‍රායල බන්ධනාගාරයක දින 141 ක් උපවාස කළ පලස්තීන රැදෙවියකු නිදහස් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කර ඇත.

මෙම පලස්තීන රැදෙවියා උපවාසය ආරම්භ කළේ ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බන්ධනාගාරයේ ර‌දවා තබා ගැනීම නිසාය.

හිෂ්මාන් අබු හවාෂ් නමැති 40 හැවිරිදි මොහු පස් දරු පියෙකි. මොහු උපවාසය අත් හැරියේ ඊශ්‍රායල බලධාරීන් සමග ඇති කරගත් එකගතාවක් අනුවය.

හිෂ්මාන් අබු හවාෂ්  ලබන මාසයේ නිදහස් වනු ඇතැයි ඔහුගේ නීතීඥවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS