දැරියකට අතවර කළ තරුණයාට දඩුවම්



එමිරේට්යේ ඩුබායි නුවර 16 හැවිරිදි දැරියකට අතවර කළ 25 හැවිරිදි තරුණයෙකු ඩුබායි අධිකරණය වරදකරු කර ඇති බව වාර්තා වේ.

සිය පාසල් නිල ඇඳුමෙන් ආපසු නිවසට පැමිණෙන විට, ඇයව සෝපානය තුළට කොටු කර ඇය සමඟ ආලවන්ත හැඟීම් පෑමට උත්සාහ කර ඇති බව Khaleej Times වෙබ් අඩවිය වාර්තා කරයි.

තරුණයා දොරට අත තබා විදුලි සෝපානයෙන් පිටවීම වැලැක්වීමට උත්සාහ කළද, දැරිය ඔහුව තල්ලු කර පිටව ගොස් ඇති අතර, කිහිප අවස්ථාවකදී ඇයව අල්ලා ගැනීමට උත්සහ කර ඇත.

දැරිය සිද්ධිය සම්බන්ධයෙන් සිය මවට ප්‍රකාශ කිරීමෙන් පසු ගොඩනැල්ලේ ආරක්ෂක නිලධාරියාව දැණුවත් කර ඩුබායි පොලීසියට පැමිණිලි කර ඇත.

ඩුබායි පොලිසිය ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර ප්‍රශ්න කිරීම්වලදී ආසියාතික තරුණයා වරද පිළිගෙන ඇත.

පසුව, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS