තෙල් නිෂ්පාදනය 30%කින් ඉහළට



ඕමානයේ සමස්ථ මෝටර් රථ තෙල් නිෂ්පාදනය සියයට 30කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2021 මැයි මාසය අවසන් වනවිට එම් 95 වර්ගයේ පෙට්‍රල්  නිෂ්පාදනය සියයට 35 කින් එනම් බැරල් මිලියන 6.154 දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාලය තුළ එම් 91 වර්ගයේ පෙට්‍රල් සියයට 7 කින් ඉහළ ගොස් ඇති අතර, බැරල් මිලියන හතරක් දක්වා ළඟා වී තිබේ.
ඩීසල් නිෂ්පාදනය 15% ක වර්ධනයක් ඇති අතර, බැරල් 15,299,800 ක් දක්වා නිෂ්පාදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS