තුර්කි සොල්දාදුවෝ 4 ක් මරුට



උතුරු ඉරාකයේ සිදුවුණු ගැටුමකින් තුර්කි සොල්දාදුවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම හටගත්තේ තුර්කි ඉරාක දේශසීමාවේය.

තුර්කි හමුදාව, ඉරාක දේශසීමාවේ මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ, ‘ක්ලෝව් ලොක්’ යනුවෙනි.  මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ‘කුර්දිස්තාන් කම්කරු පක්ෂ’ සාමාජිකයන් සොයමිනි.

‘කුර්දිස්තාන් කම්කරු පක්ෂ’ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තුර්කිය පිළිගනී. බොදුම්වාදී කණ්ඩායමක් ලෙස ද සැලකෙන ​මොවුන් තුර්කි රජයට එරෙහිව සටන් අරඹා ඇත්තේ 1984 වසරේ සිටය.

‘ක්ලෝව් ලොක්’ මෙහෙයුම අරඹා ඇත්තේ ‘කුර්දිස්තාන් කම්කරු පක්ෂ’ සාමාජිකයන්ගේ තිප්පොල සොයමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS