තුර්කි මහ මැතිවරණය ලබන මාර්තු 14 වැනිදා



තුර්කි පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන මාර්තු 14 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබේ. තවත් ධුර කාලයක් සඳහා එර්දොවාන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති එර්දොවාන් ප්‍රතාශ කළේ, බුස්රා පළාතේ තරුණ සමුළුවක් අමතමිනි.

තුර්කි මැතිවරණ කොමිසම මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවත් මාර්තු 14 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දීම මැතිවරණ කොමිසම සිදු කරනු ඇති බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මාර්තු 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට එර්දොවාන්ට හැකිවුවහොත්, දෙවැනි වටයක් පැවැත්වෙන්නේ නැතැයි තුර්ති මාධ්‍ය වාර්තා කර තිබේ. දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවුවහොත් එය සිදුවනු ඇත්තේ මාර්තු 28 වැනිදා යැයි ද මාධ්‍ය පෙන්වා දී තිබේ.

68 හැවිරිදි රිජෙප් තායිප් එර්දොවාන්, තුර්කි ජනාධිපති ධුරය හොබවන්නේ 2003 වසරේ සිටය. පළමුවෙන් ඔහු තුර්කි අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ජනාධිපති ධුරයට පත් වූයේ 2004 වසරේදීය. තුර්කිය ‘නොටෝ’ සාමාජික රටක් බවට පත් කළේ එර්දොවාන්ගේ මැදිහත් වීමෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS