තුර්කි ජනපති සෞදි යනවා



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සෞදි සංචාරයකට සුදානම් වෙයි. සෞදි සංචාරයේදී තුර්කි ජනාධිපතිවරයා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හමුවනු ඇත.

2018 වසරේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය මුල්කොට ගනිමින් සෞදියත් තුර්කියත් අතර අර්බුදයක් හටගත්තේය. මාධයවේදී කශොග්ජී ඝාතනය වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය.
ඒ අනුව, අදාළ විමර්ශන පැවැත්වීම තුර්කියේ මැදිහත් වීමෙන් සිදුවුණු අතර ඝාතනයට සෞදියේ සල්මාන් කුමරු සම්බන්ධ වූ බව අනාවරණය කර ගත්තේ තුර්කි ආරක්ෂක අංශය.

සෞදිය සහ තුර්කිය අතර ඇයි හොඳයිකම් ඒ අනුව පළුදු විය. රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් පවා නිර්මාණය විය. කෙසේ නමුත් දැන් පළුදු වුණු සබඳතා යළි ගොඩනගා ගැනීමට දෙරට සමත් වී සිටී. තුර්කි ජනාධිපතිවරයා සෞදියට යන්නේ ඒ අනුවය.
සල්මන් කුමරුන් හමුවීමෙන් පසු තුර්කි ජනාධිපතිවරයා සෞදියේ සල්මාන් රජු මුණ ගැසීමට ද නියමිත බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS