තුර්කි ජනපති සෞදි සංචාරයකට සැරැසෙයි



පළුදු වී ඇති හොඳහිත ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සෞදි අරාබියේ නිල සංචාරයකට යෑමට සූදානම් වෙයි.

සෞදියත් තුර්කියත් අතර හොඳහිත පළුදු වූයේ 2018 වසරේ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීමෙන් පසුවය. කශොග්ජී සෞදියේ සල්මාන් කුමරුන්ගේ උදහසට ලක් වුණු මාධ්‍යවේදියෙකි.

ඔහු ඝාතනයට වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය.

එම ඝාතනයේ සුලමුල අනාවණය කරමින්, ඝාතනයට සෞදියේ සිට විශේෂ ගුවන් යානයකින් තුර්කි ආ ඝාතන කණ්ඩායම ගැන හෙළි කළේත්, ඝාතනය පසුපස සිටින්නේ සල්මාන් කුමරුන් බව හෙළි කළේත් තුර්කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS