තුර්කි ජනපතිවරණයේ දෙවැනි වටය 28 වැනිදා



තුර්කි ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි විය.

ඒ අනුව, ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිත අතර, දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ විපක්ෂ නායක කෙමාල් කිල්කැඩෝර්ග්ලු අතරේය.

ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 28 වැනිදා පැවැත්වෙනු ඇත. නිකුත් වුණු ඡන්ද ප්‍රතිඵල අනුව, ‘ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට ලබා ගත හැකි වූයේ සියයට 49.37 ක ඡන්ද ප්‍රතිශතයකි. කෙමාල් කිල්කැඩෝර්ග්ලු ට දිනා ගැනීමට හැකි වූයේ සියයට 44.99 ක ප්‍රතිශතයක් හිමිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS