තානාපති කාර්යාලය අනතුරු අඟවයි



සුඩාන රාජ්‍යයේ පිහිටා ඇති එමිරේට්ස් තානාපති කාර්යාලය එරට ජීවත් වන එමිරේට්ස් ජාතිකයන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇත.

සුඩාන අගනුවර වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා සහ ආණ්ඩු විරෝධි විරෝධතා හේතුවෙන් අදාල නිවේදනය නිකුත් කිරීමට එමිරේට්ස් තානාපති කාර්යාලයකටයුතු කර ඇත.  

හදිසි අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත් තානාපති කාර්යාලයේ (+249-155-888-888) හෝ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ (800-444-44) දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස තානාපති කාර්යාලය දන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS