තවත් පලස්තීන තරුණයෙක් මියයයි



ඊශ්‍රායල හමුදා දකුණු දිග බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය පවසයි.

22 හැවිරිදි මොහොමඩ් ජවබ්‍රේ නමැති මෙම තරුණයා, හෙබ්‍රොන්ට උතුරින් පිහිටි අරූබ් සරණාගත කඳවුරේ ඇති වූ ගැටුම්වලදී ඝාතනය වී ඇත්තේ ඊශ්‍රායල හමුදා ඔහුගේ හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනි.

ඊශ්‍රායල හමුදා, මෙම 2023 වසරේ මේ දක්වා ළමුන් 13 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 65 දෙනෙකු මරා දමා ඇතැයි පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගයි.

ඊශ්‍රායල හමුදා කළ වැටලීම්වලදී සිය ගණනක් තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS