තවත් ජංගම මධ්‍යස්ථාන හදන්න: කුමරු
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පුරා ජංගම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලෙස නියෝග කර ඇත.
ජංගම කොරෝනා මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ඉතා ඉක්මණින් ලබාගත හැකි බව අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල්-නහියන් පෙන්වා දෙයි.
අබුඩාබි ඔටුන්න හිමි කුමරුගේ උපදෙස් අනුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජංගම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරයි.
නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත ජංගම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන ඉදිරි දින 10 තුළඅජ්මාන්, උම් අල්-ක්වේන්, රාස් අල්-කයිමා, ෆුජයිරා, අල්-අයින් සහ අල්-ඩෆ්රා යන නගරවල ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)