තරුණියගේ ඝාතනයට එරෙහි විරෝධතා
තුර්කි තරුණියක අමානුෂික අයුරින් ඝාතනය කිරීමේ සිදුවීමක් මුල්කොට ගනිමින්, තුර්කියේ ඉස්තාන්බුල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතාව පැවැත්වූයේ තුර්කි තරුණියන්ට එරෙහි අපරාධ ඉහළ යෑමත්, තුර්කි තරුණියන් ආරක්ෂා කිරීමට එරට නීතිය අපොහොසත් බවත් පෙන්වා දෙමිණි.
අමානුෂික අයුරින් ඝාතනය වී ඇත්තේ 27 හැවිරිදි පිනර් ගුල්ටෙකන් නමැති විශ්ව විද්යාල සිසුවියකි. දින කීපයක් තිස්සේ අතුරුදන් යැයි පැවැසුණු මැයගේ සිරුර වනාන්තර ප්රදේශයකින් හමුවිය.
ගුල්ටෙකන් ඝාතනය කර ඇත්තේ ගෙල සිර කිරීමෙනි. ඇගේ සිරුර බැරලයක් තුළට ඔබා, ගිනි තබා, බැරලය කොන්ක්රීට්වලින් පුරවා දමා තිබුණැයි පොලිසිය පවසා ඇත.
ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී.)