ඩුබායි හොටල්වල සීමාවන් ලිහිල් කරයි



ඩුබායි නුවර සංචාරක හෝටල්වලට පනවා තිබු කොවිඩි-19 සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව, සංචාරක හෝටල්වලට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කර ඇත.
හෝටල්වලට පැමිණෙන සියලුම පුද්ගලයන් එන්නත් ලබාගෙන සිටිය යුතු අතර, විවිධප්‍රසංගවලට සහ ක්‍රීඩා ඉසව්වලට සහභාගිවීමටද අවසර හිමි වේ.

මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම අනිවාර්ය කර ඇති බව ඩුබායි නුවර ආපදා කළමනාකරණ උත්තරීතර කමිටුව පැවසීය. 

අවන්හල් සහ විනෝදාස්වාද ස්ථානවල ධාරිතාව ද වැඩිකිරීමට අවසර ලබාදී ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොවිඩ් -19 පරීක්ෂණ සහ එන්නත් කිරීමේ අනුපාත ගෝලීය වශයෙන් ඉහළ මට්ටමක පවතියි.

මිලියන ගණනක් විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අපේක්ෂාවෙන් “එමිරේට්ස් එක්ස්පෝ 2020’’ ලෝක ප්‍රදර්ශනය ඔක්තෝබර් මාසයේදි පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියානු ප්‍රභේදය එමිරේට්ස් රාජ්‍ය තුළ පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය සහ ශ්‍රී ලංකාව රටවල්වල පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS