ඩුබායි මාර්ගවල නීති ලිහිල් කෙරේ



ඩුබායි නගරයේ මාර්ගවල ට්‍රක් රථ ධාවනයට පනවා තිබූ තහනම් අද (25) සිට ලිහිල් කිරීමට එරට රජය තීරණය කර ඇත.  

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ජනතාව අතර බෙදා හැරීම පහසු කිරීම සඳහා ගුවන්තොටුපොළ මාර්ගය, ෂින්ඩාගා උමං මර්ග මෙන්ම අල්මක්ටූම් සහ පාවෙන පාලම් හි ද ටොන් 2.5ක් බරැති හිස් ට්‍රක් රථ ගමන් ධාවනය කිරීමට පනවා තිබූ තහනම ඩුබායි හි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය විසින් තාවකාලිකව ඉවත් කර ඇත.

එසේ වුව ද අන්තරාකර ද්‍රව්‍ය ප්‍රවාහන ට්‍රක් රථ ගමන් කිරීමට ඇති තහනම දිගමට ක්‍රියාත්මක වෙයි.  එරට බලධාරීන් පවසන්නේ කොරෝනා වෛසරය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අවසන්වන තුරු මෙම මාර්ග ප්‍රතිපත්ති ලිහිල් කිරීම බලපාන බවයි.


RECOMMEND POSTS