ඩුක්ම් පිරිපහදුව 2023 දී වැඩ අරඹයි



ඕමානයේ ඉදිකළ ඩුක්ම් පිරිපහදුව 2023දී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඩුක්ම් පිරිපහදු ව්‍යාපෘතිය ලබන වසර අවසන් වන විට වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, ව්‍යාපෘති නිම කිරීමේ අනුපාතය 95% දක්වා ළඟා වී ඇති බව කුවේට් පෙට්‍රෝලියම් ඉන්ටර්නැෂනල් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.

ඕමානයේ ඩුක්ම් කාර්මික කලාපයේ හෙක්ටයාර 900 ක භූමි ප්‍රමාණයක මෙම පිරිපහදුව ඉදිකර ඇත.

ඕමාන් ඛනිජ තෙල් සමාගම සහ කුවේට් පෙට්‍රෝලියම් ඉන්ටර්නැෂනල් අතර හවුල් ව්‍යාපාරයක් මගින් පිරිපහදුව පවත්වා ගෙන යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS