ජෝර්දාන කුමරුන්ට කොරෝනා



ජෝර්දානයේ ඔටුන්න හිමි දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරුන්ට ද 'කොවිඩ් 19' ආසානය වී ඇතැයි වාර්තා වේ.

කුමරුන්ගේ මාපියන් වන දෙවැනි අබ්දුල්ලා රජු සහ බිසව රියානා 'කොවිඩ් 19' පරික්ෂණ සඳහා යොමු කළ බවත් ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔටුන්න හිමි කුමරුන් ඇතුළු රජ පවුලේ සියලු දෙනා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇත.

ඔටුන්න හිමි කුමරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, සුළු රෝග ලක්ෂණ කීපයක් පමණක් පෙන්නුම් කරන බවත්, 27 හැවිරිදි කුමරු වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනයේ පසුවන බවත් රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS