චීනයේ සිනෝෆාම් එන්නත් ඉරාකයට
කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් ඉරාකයට චීනයෙන් ද ලැබී තිබේ. ඉරාකයට චීනයෙන් ලැබුණු දෙවැනි එන්නත් තොගය මෙය යැයි පැවැසෙයි.
චීනය, ඉරාකයට ලබා දී ඇත්තේ ‘සිනෝෆාම්’ එන්නත් තොගයකි. ඒ, පරිත්‍යාගයක් ලෙසය.
බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන ආ එන්නත් තොගය බාර ගනු ලැබුවේ ඉරාක සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි.
බැග්ඩෑඩ්හිදීය (ඒ.එෆ්.පී.)