ගොදුරු අල්ලන පක්ෂීන් නිරීක්ෂණයට උපකරණ



ඕමානය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගොදුරු අල්ලන පක්ෂීන් නිරීක්ෂණය කිරීම සඳහානිරීක්ෂණ උපකරණ සවිකරන බව වාර්තා වේ.

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂීන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ගොදුරු පක්ෂීන්ට නිරීක්ෂණ උපකරණසවිකරයි.

එම උත්සහයේ පළමු පියවර ලෙස ගොදුරු අල්ලන පක්ෂීයකු මත උපකරණයක් සවිකිරීමට අල්-බුරයිමි පරිසර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ උපකරණයක් සවිකර ඇති බවත්, උෂ්ණත්වය, ක්‍රියාකාරකම් සහ පිහිටීම නිරීක්ෂණය කිරීම සඳහා විද්‍යුත් වැඩසටහනකට සාර්ථකව සම්බන්ධ කර ඇති බව පරිසර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS