ගෙදර ඉදන් වැඩ කරන්න පහසුකම් සපයයි



කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් ආරාබි එමීර රාජ්‍යයේ ඕනෑම අයකුට තම නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම සදහා ක්‍රමවේද සකස් කර ඇතැයි එරට විදුලි සංදේශ නියාමන අධිකාරිය නිවේදනය කරයි. මේ සඳහා මයික්‍රොසොෆ්ට් හා ගූගල් කණ්ඩායම්වල ද සහයෝගය ලැබී ඇති අතර විදුලි සංදේශ නියාමන අධිකාරිය අදාල සම්බන්ධීකරණ කටයුතු කරගෙන යයි.

නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරතවන ලෙස රජය දැනුම්දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ගන්නා ලද පියවර හේතුවෙන් කාර්යාල වසා දමා ඇති බැවින් මේ වනවිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් බො‍හෝ දෙනෙක් තම නිවෙස්වලට වී රාජකාරී කටයුතුවල නිරතවෙති.

 


RECOMMEND POSTS