ගුවන් මඟීන් තුන් ගුණයකින් වැඩිකරන්න යයි



සෞදි අරාබිය 2030 වනවිට ගුවන් මඟීන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

ගුවන් මඟීන් මිලියන 103ක් 2019 වර්ෂයේදි සෞදි අරාබියට පැමිණ ඇති අතර, 2030 වන විට එම සංඛ්‍යාව මිලියන 330 දක්වා වැඩි කිරීම සෞදි අරාබියේ අපේක්ෂාවයි.

සෞදි අරාබිය මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සඳහා වූ ජාතික උපායමාර්ගික සැළැස්මට අනුව නව ජාතික ගුවන් සේවයක් පිහිටුවීමටද කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS