ගුවන්තොටුපොලට පහර දෙන්න ඇවිත්



සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පහරදීමට ඩ්‍රෝන යානයක් පැමිණ ඇති බව වාර්තා වේ.

නිරිතදිග සෞදි අරාබියේ පිහිටා ඇති අබා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් පහර දීමට පැමිණි පුපුරණ ද්‍රව්‍ය පිර වූ ඩ්‍රෝන යානය සෞදි ගුවන් හමුදාව විනාශ කිරීමට කටයුතු කර ඇත.

සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදාව  ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්ට එරෙහිව යේමනයේ සටන් කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS