ගෑස් කාන්දුවකින් 42කට තුවාල



ඕමානයේ කාර්මික නගරයක ක්ලෝරීන් වායුකාන්දු වීමකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මුවායිලි කාර්මික නගරයේ කර්මාන්ත ශාලාවක තිබූ ක්ලෝරීන් වායුව පිර වු සිලින්ඩරයකින් ක්ලෝරීන් වායුව කාන්දු වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය පවසයි.

ගෑස් කාන්දුව පාලනය කිරීමට කණ්ඩායම සමත් වී ඇති බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය වැඩිදුරටත් පවසයි.

බරපතල තත්ත්වයේ පසුවන කීපදෙනෙකු සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS