ගාසා තීරයට ඊශ්‍රායල හමුදා බෝම්බ හෙලයි



ඊශ්‍රායල ගුවන් හමුදාව පලස්තීන ගාසා තීරයේ පිහිටි ගාසා නගරයේ උතුරුදිග ප්‍රදේශවලට බෝම්බ හෙලීමට පටන් ගත්තේය.

ඊශ්‍රායල ගුවන් හමුදාව එසේ බෝම්බ හෙලුවේ පලස්තීන සටන්කාමීන්ගෙන් ඊහ්‍රායලයට එල්ල වුණු රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමිනි.

ඊශ්‍රායලය හමුදාව සහ පලස්තීන සටන්කාමීන් අතරේ ගැටුම් ඇවිලී ගියේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ කළ වැටලීමකින් පලස්තීන තරුණයන් 11 දෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS