ග්‍රීක අගමැතිගෙන් කුමරුට ඇමතුමක්



අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියාන්ට ග්‍රීක අගමැති, කිරියාකොස් මිට්සෝටකිස් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

ග්‍රීසියේ ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට සහ ලැව් ගිනිනෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කිරීමට දුරකථන ඇමතුම ලබා ගෙන ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඕනෑම දුෂ්කර අවස්ථාවකදි එමිරේට්ස් ජනතාව සහ රජය ග්‍රීසිය සමඟ සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරන බව ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කළේ ය. 

දෙරටට වැදගත් වන කරුණු රාශියක් දුරකථන සංවාදයේදි සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS