ගරිල්ලන්ගෙන් මිසයිල් ප්‍රහාරයක්



ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන් යේමනයේ මුස්ලම් පල්ලියකට සහ ආගමික පාසලකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

යේමනයේ මාරිබ් පළාතේ මුස්ලිම් පල්ලියකට සහ ආගමික පාසලකට හවුති ගරිල්ලන් බැලස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති අතර, කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 29 දෙනෙකු මිය ගොස් තුවාල ලබා ඇති බව යේමන තොරතුරු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා බැලස්ටික් මිසයිල දෙකක් භාවිතා කර ඇති බව මාරිබ් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

රජයේ හමුදා සහ හවුති ගරිල්ලන් අතර සටන් පසුගිය මාස කිහිපය තුළ උත්සන්න විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, සානා නුවර)


RECOMMEND POSTS