ගර්භනී බිරිඳට පහරදී වන්දි ගෙවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගර්භනී බිරිඳකට ස්වාමි පුරුෂයෙක් පහර දී ඇති බව වාර්තා වේ.

ගර්භනී බිරිඳට ඩිරාම් 15, 000ක වන්දි මුදලක් ගෙවන ලෙස පහර දුන් ස්වාමිපුරුෂයාට අල් දෆ්රා අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අධිකරණ ලේඛන පිළිබඳ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදී ඇති අතර, ඉන් අනතුරුව තමන්ට ඩිරාම් 50,000ක වන්දියක් ගෙවන ලෙස කාන්තාව සැමියාට එරෙහිව නඩු පවරා තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS