ගගනගාමියෙකු මාස 6කට යවන්න හදයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට සැළසුම් කරන බව වාර්තා වේ.

එමිරේට්ස් ගගනගාමියාව මාස හයක කාලයකට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කටයුතු කරයි.

ලොව ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ පියාසර සහ යටිතල පහසුකම් සමාගමක් වන Axiom Space Inc. සමඟ නව උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කළ බව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය  නිවේදනය කළේ ය.

එමිරේට්ස් ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් බවට මෙය පත් වන අතර, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවු පළමු අරාබි ගගනගාමියා සහ දිගු කාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කළ ලොව රටවල් 11 අතරට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇතුළත් වනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS