ගංවතුරට කොටු වු 51 දෙනෙක් බේරාගෙන



ඕමානයේ මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ ගංවතුරට කොටු වු පුද්ගලයින් 51 දෙනෙකු බේරාගෙන ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා පිටාර ගැලීම නිසා මෙම පිරිස කොටු වී ඇති බව ඕමාන් සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

අධික ලෙස ජලය ගලා යන ගංගා අනවශ්‍ය ආකාරයෙන් නැරඹීමට යෑමෙන්වළකින ලෙසත්, එම ප්‍රදේශවලින් හැකිතාක් ඈත්ව සිටින ලෙස පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS