කොසෝවෝ තානාපති කාර්යාලය ජෙරුසලමට



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින් යුරෝපයට අයත් කොසෝවෝ රාජ්‍යය, සිය තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවීමට තීරණය කළේය.

ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බවත්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවත් පිළිගනිමින්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කළේ හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වුණු අතර ඊශ්‍රායල පලස්තීන අර්බුදය තවත් උත්සන්න විය. ඉන්පසු ඇමෙරිකාව අනුගමනය කරමින්, ගෞතමාලාව සිය තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළේය.

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින්, සිය තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළ තෙවැනි රට වන්නේ කොසෝවෝ ය.

එපමණක් නොව, එවැනි තීරණයක් ගත පළමු යුරෝපා රටවන්නේ ද කොසෝවෝ ය. කොසෝවෝ මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත් පළමු මුස්ලිම් රාජ්‍යය වන්නේ ද කොසෝවෝ ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS