කොරෝනා නීතිරීති උල්ලංඝනය කරලා



බහරේනයේ කොරෝනා නීතිරීති උල්ලංඝනය කළ ව්‍යාපාරික ස්ථාන කීපයක් වසාදැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය දිනපතා සිදුකරන ලද පරීක්ෂණවලින් කොරෝනා නීතිරීති උල්ලංඝනය කළ ව්‍යාපාරික ස්ථාන හඳුනාගැනීමට හැකි වී ඇත.

ඒ අනුව අපනශාලාවක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, කොණ්ඩය කපන ස්ථාන දෙකක් සහ රූපලාවන්‍යාගාරයක් වසා දැමීමට කටයුතු කර ඇත. 

කොරෝනා නීතිරීතිවලට අනුව ක්‍රියානොකළ අපනශාලා 13කට විරුද්ධව දඩ නියිම කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ආපනශාල 99ක්, රූපලාවන්‍යාගාර 8ක් සහ කායවර්ධන මධ්‍යස්ථාන පරීක්ෂාවට ලක් කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මනමා නුවර)


RECOMMEND POSTS