කුවේට් ඔටුන්න හිමි කුමරු සෞදියේ



කුවේට් ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මේෂල් අල් අහමඩ් අල් සබා සෞදියට පැමිණ ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය සහ කුවේටය අතර මූලෝපායික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කුමරු රියාද් නුවරට පැමිණ ඇත.

සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් අල් - සවුඩි, කලීඩ් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි කුවේට් ඔටුන්න හිමි කුමරුව පිළිගෙන ඇත.

විවිධ ක්‍ෂේත්‍රයන්වල සහයෝගීතාවය වර්ධනය කරගැනීම, කලාපීය හා ජාත්‍යන්තර සංවර්ධනය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නැංවීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  

 


RECOMMEND POSTS