කුවේට් අමීර් ආපසු කුවේටයට එයි



කුවේට් අමීර්, ෂෙයික් නවාෆ් අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා වෛද්‍ය පරීක්ෂණවලින් පසු නැවත කුවේටයට පැමිණි බව වාර්තා වේ.

වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරගැනීම සඳහා ඉතාලිය බලා ගොස් සිටි අතර, වෛද්‍ය පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු නැවත පැමිණ ඇත.

කුවේට් ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල්-ජාබර් අල්-සබා, අනෙකුත් රාජකීයයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විසින් කුවේට් අමීර්වරයාව ගුවන් තොටුපළේදී පිළිගනු ලැබීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS