කුවේටය පොදු උද්‍යාන විවෘත කරයි



කුවේට් රාජ්‍යය පොදු උද්‍යාන විවෘත කිරීමට කටයුතු කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන තාවකාලිකව වසා දැමීමට කුවේට් රජය කටයුතු කළේ ය.

කුඩා දරුවන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ විනෝදාස්වාදය වැඩිකිරීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදියන්ට අනුකූලව පොදු උද්‍යාන විවෘත කිරීමට කටයුතු කළ බව කෘෂිකාර්මික කටයුතු සහ මත්ස්‍ය සම්පත් පිළිබඳ රාජ්‍ය අධිකාරිය පැවසීය.

ඒ අනුව, උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා උද්‍යාන විවෘත කර තැබීමට කටයුතු කරන බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS