කුවේටයේ පෙට්රල් මිල ඉහළට



කුවේටයේ පෙට්රල් මිල ඉහළ ගොස් ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ඔක්ටේන් 98 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ෆිල් 200 සිට 235 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත.

අදාල වැඩි කිරීම මාස තුනක කාලයක් සඳහා සිදු කළ බව කුවේට් ජාතික පෙට්‍රෝලියම් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අනෙකුත් වර්ගවල ඉන්ධන මිල ගණන්නොවෙනස් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS