කුවේටයට හිමකැට කුණාටුවක්



 

කුවේට හරහා හිමකැට කුණාටුවක් හමා ගොස් ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

දැඩි ගිගුරුම් සහිත වැසි සමඟ හිමකැට පතිත වී ඇති අතර, කුවේට් නගරයේ මාර්ග රැසක් හිමවලින් වැසී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවලට එක්කිරීමට පිරිස් කටයුතු කර ඇත.

හිම කැට සහිත වැසි හෝ තද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.

හිම කැට, තුහින මෙන්ම විටින් විට වර්ෂාපතනය සාමාන්‍ය දෙයක් වුවද මෙවැනි ආකාරයේ හිමකැට කුණාටුවක් මෙතෙක් වාර්තා වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS